27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකෝලි මහේලගේ සහ සචින්ගේ වාර්තා බිඳ දමයි

කෝලි මහේලගේ සහ සචින්ගේ වාර්තා බිඳ දමයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගයේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සිය 46 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළේය.

එය තරගමාලාවේ ඔහුගේ දෙවැනි ශතකය විය. මේත් සමග ඔහු සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තා දෙකක් බිඳ දමා තිබේ.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ශතක 10ක් රැස් කරමින් එක් කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ශතකයන්ගේ වාර්තාව බිඳ දැමීය.

සචින් තෙන්ඩුල්කාර් ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතක 9ක් ලබා ඇති අතර කොදෙව්වන්ට එරෙහිව කෝලි දැනටමත් ශතක 9ක් ලබාගෙන ඇත. ඒ සමගම සචින් තෙන්ඩුල්කාර්ගේ 20 ශතක අභිබවමින් ඉන්දීය භූමියේ වැඩිම ශතක ලබාගත් ක්‍රීඩකයා ලෙසද විරාත් කෝලි වාර්තාවක් පිහිටුවමින් සිය 21 වැනි ශතකය සිය මව්බිමේදීම වාර්තා කළේය.

විරාත් කෝලි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වැඩිම ශතක රැස් කළ වාර්තාවට ද හිමිකම් කියයි.

මේ අතර ඔහු ඊයේ තරගයේදී ලකුණු 62ක් ලබා සිටියදී මහේල ජයවර්ධන අභිබවා එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර පස්වැනි ස්ථානයට පත්ව තිබේ.

මහේල ජයවර්ධන එක්දින ලකුණු 12,650ක් ලබාගෙන ඇත. මේ වන විට කෝලි එක්දින ශතක 46ක්, ටෙස්ට් ශතක 27ක් සහ 20යි 20 තරග ශතකයක් ලබාගෙන ඇත.