23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගවයෙක්ට හදි කළ තරුණයෙකු අත්අඩංගුවට

ගවයෙක්ට හදි කළ තරුණයෙකු අත්අඩංගුවට

ගම්පහ, වීරගුල ඉඩමක ගැට ගසා සිටි ගවයෙකු සමඟ ලිංගිකව හැසිරුණු බවට සැක කෙරෙන 19 හැවිරිදි තරුණයෙකු වීරගුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය ඇසින් දුටු ඉඩම් හිමියාගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු රාගම ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසත් වෛද්‍ය වාර්තාවක් සමඟ ජනවාරි 23 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් මහර බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.