28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණයෙක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියට බිලි වෙයි

තරුණයෙක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියට බිලි වෙයි

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු අංක 1596 දරණ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියට පැනීමෙන් තරුණයකු මිය ගොස් තිබෙනවා.

මේ පිළිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වූ හැටන් පොලිසියේ නිලධාරියකු පැවසුවේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව සිංගිමලේ බිං ගෙය අසළදී මෙම තරුණයා දුම්රියට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය තරුණයා අවුරුදු 20 – 25ත් අතර අයකු බවත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වන තෙක් අනාවරණය කර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මිය ගිය තරුණයාගේ මළ සිරුර එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානයට රැගෙන ඒමෙන් පසු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන ගොස් ඇති බවත් සදහන්. හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.