28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලවකැලේ වතු නිවාස පේළියක ගින්නක්

තලවකැලේ වතු නිවාස පේළියක ගින්නක්

ඊයේ (15) තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ මිඩිලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ගින්නක් ඇති වි තිබෙනවා. හටගත් ගින්නෙන් නිවාස 10 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසුවා.

ඊයේ රාත්‍රි 8.30 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත් ගින්නෙන් වතු නිවාස 10ක පදිංචි පවුල් 12 කට අයත් සාමාජිකයන් 47 දෙනෙකු අවතැන් වි ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් එම වතු නිවාස වල පදිංචි කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සහ නිවාස වල පදිංචිව සිටි ළමුන්ගේ පාසල් පොත්පත් සහ උපකරණ ගිනිගෙන විනාශ වි තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ වතු නිවාසවල පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයට සහභාගි වි සිටි නිසා කිසිවකුට තුවාල සිදු වි නොමැති අතර පැතිර යමින් තිබු ගින්න එම වතුයායේම කම්කරුවන් හා තලවකැලේ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට හැකිවි තිබෙනවා.

ගින්නෙන් අවතැන් වූවන් එම වතුයායේම පදිංචි ඔවුන්ගේ ඥාති නිවාසවල තාවකාලිකව පදිංචි කිරීමට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට සැකකරන බවයි තලවකැලේ පොලිසිය පවසන්නේ.

අවතැන් වූවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට වතු පාලන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.