30 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදන්ත උපකරණ හා ඖෂධ හිඟයක්

දන්ත උපකරණ හා ඖෂධ හිඟයක්

රජයේ රෝහල්වල දන්ත වෛද්‍ය උපකරණ සහ ඖෂධවල දැඩි හිඟයක් පවතින බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය විශේෂඥ මංජුල හේරත් පැවසුවේ දත් පිරවීම, දත් සුද්ද කිරීම වැනි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි.

මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට බොහෝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ අතර රජයේ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් ඖෂධ හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත්තේ අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බවයි.