31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWeatherපළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

අද (16) දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමෙන්තුව පවසනවා.

නැගෙනහිර පළාතේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා.

ත්‍රිකුණාමලය සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටත් එම දෙපාර්තමේන්තුව පවසා සිටියා.

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළයේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බවත්. මන්නාරම සිට පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෛරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළයේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ වැඩිවිය හැකි බවත් පැවසුවා.

මන්නාරම සිට පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන අතර දිවයින වටා වන ‍සෙසු මුහුදු ප්‍රයේශ සාමානය ස්වභාවයේ සිට මඳ වශහයන් රළු දක්වා විය හැකි බවත් පවසා සිටියා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවටත් කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා.