29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපුංචි ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගේනවා

පුංචි ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගේනවා

සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පැවසීය.

එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් කරන බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු පිරිසක් බිහි කිරීම වෙනුවෙන් මෙම කටයුතු මෙහෙයවන බවත් පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.