28.9 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහින්දානන්දට එරෙහි නඩුවක් මාර්තු 20 වැනිදාට කල් යයි

මහින්දානන්දට එරෙහි නඩුවක් මාර්තු 20 වැනිදාට කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඔහු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 274 ක් යොදවා බොරැල්ල කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ චෝදනාව යටතේ පැවරූ නඩුවයි අද කැඳවනු ලැබුවේ.

එම නඩුව සම්බන්ධයෙන් පැමැණිල්ලේ වැඩිදුර විභාගය ලබන මාර්තු 20 වැනිදා දක්වා කල් තැබීමටයි විනිසුරුවරයා තීරණය කළේ.

එමෙන්ම අද (16) පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනීසිටි පැමිණිල්ලේ 53 වන සාක්ෂිකරුට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අවවාද කරනු ලැබීය.