26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි 09 සිද්ධියට කරුණු දක්වන්නැයි පොලිස්පතිවරයාට නොතීසි

මැයි 09 සිද්ධියට කරුණු දක්වන්නැයි පොලිස්පතිවරයාට නොතීසි

පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු 18 දෙනෙකුට පෙබරවාරි 24 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය මැයි 9 වැනිදා ඇති නොසන්සුන්තාවයේ දී නිවාස හානි වූ දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් මොවුන් 18 දෙනා වග උත්තරකරුවන් කරමින් රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පසුගිය වසරේ මැයි 9 වැනිදා දිවයින පුරා ඇතිවූ නොසන්සුන්තාවයේදී දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධිය ගැන විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය.