29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුද හමුදා මේජර්ට ප+හර දුන් හිටපු හමුදා සෙබළා පොලිසියෙන් මිදී පළා යයි

යුද හමුදා මේජර්ට ප+හර දුන් හිටපු හමුදා සෙබළා පොලිසියෙන් මිදී පළා යයි

යුද හමුදා මේජර්වරයෙකුට බිරිඳ සහ දරු දෙදෙනා ඉදිරියේ දී පහරදුන් යුද හමුදා විශේෂ බලකායෙන් පළා ආ සෙබළෙක් පොලිස් නිලධාරීන්ගෙන් මිදී ඊයේ (15) රාත්‍රියේ පළාගොස් ඇති බව හෝමාගම පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් සැකකරු පැමිණි යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ යුද හමුදා මේජර්වරයා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

අදාළ මේජර්වරයා සිය පවුලේ සාමාජිකයින් සමඟ මතුගම ප්‍රදේශයට ගොස් යළි හෝමාගම ප්‍රදේශයට පැමිණෙමින් සිටිය දී හෝමාගම හයිලෙවල් මාර්ගයේ දී මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී රාජකාරි අවශ්‍යතාවයක් සඳහා ගොස් යළි පොලිසිය වෙත පැමිණෙමින් සිටි හෝමාගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු සිද්ධිය දැක ඒ පිළිබඳව විමසා තිබෙනවා.

පසුව පහරදීම සිදුකළ සැකකාර හමුදා සෙබළා අල්ලාගෙන ඒ පිළිබඳව විමසීමේ දී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පළා ගිය සැකකාර හිටපු හමුදා සෙබළා හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර තිබෙනවා.