26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයින්ගේ වැටුප් අවස්ථා දෙකකට

රජයේ සේවකයින්ගේ වැටුප් අවස්ථා දෙකකට

රාජ්‍ය ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප් අවස්ථා දෙකක දී ගෙවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වනවා.

රට තුළ පවතින මූල්‍ය අර්බුදය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ගණකාධිකාරි, අධ්‍යක්ෂ (මූල්‍ය) නිලධාරීන්ට ලිපියකින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබෙනවා.