28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගම බස් රථයෙන් වැටී දරුවෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයෙන් වැටී දරුවෙක් ජීවිතක්ෂයට

ඊයේ (15) සවස් කාලයේ නව කුරුඳුවත්ත පොලිස් වසමේ නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ මොන්ටක්‍රිස්ටෝ විද්‍යාලය අසලදී නාවලපිටිය දෙස සිට දොළෙස්බාගේ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ පාසල් ළමයෙකු බස් රථයෙන් බිමට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් ළමයා නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන අතර මියගිය ළමයා අවුරුදු 16 ක් වන හිල්පන්කදුන, උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා. මෘත ශරීරය නාවලපිටිය රොහලේ තැන්පත් කර ඇති අතර නව කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු කරයි.