23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිමල් වීරවංශට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් මහාධිකරණයෙන් විශේෂ නියෝගයක්

විමල් වීරවංශට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් මහාධිකරණයෙන් විශේෂ නියෝගයක්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කර කරමින් සිටිය දී රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද නැද්ද යන තීන්දුව ලබන පෙබරවරි 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ, අදාළ නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා” රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකථනය කර නොමැති බැවින් ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවයි විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කරමින් සඳහන් කළේ.

එම මූලික විරෝධතාවට අදාළ ලිඛිත දේශන අද (16) දිනයේ දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද නැද්ද යන්න පිලිබඳ තීන්දුව ලබන පෙබරවාරි මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බවට අධිකරණය දැනුම් දුන්නේ.