25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රීලනිපය පුංචි ඡන්දයේ දී තනිව තරඟ කිරීමට තීරණය කරයි

ශ්‍රීලනිපය පුංචි ඡන්දයේ දී තනිව තරඟ කිරීමට තීරණය කරයි

එළඹෙන පළාත්පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක පවසනවා.

මාධ්‍ය වෙත අද (16) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 12ක් එක්ව පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානය එළිදැක්වනු ලැබුවේ පසුගිය 11 වනදායි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වළලා දැමීමට උත්සාහ ගත් ඇතැම් කණ්ඩායම් මෙම සන්ධානය සමඟ එක්වීමේ සූදානමක් පවතින බව ද වීර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළා.