31.7 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසම්බාහන මධ්‍යස්ථානවලට අලුත් නීතියක්

සම්බාහන මධ්‍යස්ථානවලට අලුත් නීතියක්

පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත විය හැකි අන්දමින් නව නීති සම්පාදනය කරන බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පැවසීය.

ඒඩ්ස් ඇතුළු ලිංගිකාශ්‍රිත රෝග බහුල වශයෙන් සම්බාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ.

සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර පළපුරුදු වෛද්‍යවරයකුද අනිවාර්ය විය යුතු බවත් සම්බාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තීයමය දැනුමකින්, පුහුණුවකින් හෙබි විය යුතු බවත් කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.