29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරුංගල් සැණකෙළියකින් තෛපොංගල් සැමරූ යාපනයේ වැසියෝ

සරුංගල් සැණකෙළියකින් තෛපොංගල් සැමරූ යාපනයේ වැසියෝ

යාපනය – වැල්වැටිතුරෙයි – උදයසූරියන් වෙරළ තීරයේ දී මෙවරත් තෛපොංගල් දිනය මූලික කරගෙන අලංකාර සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.

වැල්වැටිතුරෙයි විග්නේස්වරා කමිටුව සහ වැල්වැටිතුරෙයි උදයසූරියන් ක්‍රීඩා සමාජය එක්වයි මෙම සරුංගල් සැණකෙළිය සංවිධානය කර තිබුණේ.

මෙහිදී දෙමළ හා හින්දු ජනතාවගේ සංස්කෘතීන් විදහා දැක්වෙන ආකාරයේ අලංකාර සරුංගල් නිර්මාණ රැසක් යාපනය අහස පුරා දැකගත හැකි වුණා.

ජනතාවට බලපා ඇති ගැටළු විදහා දැක්වෙන සරුංගල් නිර්මාණ ද මේ අතර තිබීම විශේෂත්වයක්. සරුංගල් සැණකෙළිය දැකබලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් උදයසූරියන් වෙරළ තීරයට රැස්ව සිටි අතර එහිදී සංවිධායකයින් විසින් පවත්වනු ලැබූ තරඟ සඳහා රත්තරනින් තෑගි ලබාදීම ද මෙහිදී සිදු කෙරුණු බවයි වාර්තා වුණේ.