29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆයිසර් මුස්තාෆා ශ්‍රීලනිපයේ සියලු තනතුරුවලින් ඉවත් වෙයි

ෆයිසර් මුස්තාෆා ශ්‍රීලනිපයේ සියලු තනතුරුවලින් ඉවත් වෙයි

පාර්ලිමෙන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත් වී තිබේ.

ඊට අදාළ ලිපිය ඊයේ (15) පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ෆයිසර් මුස්තාෆා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ මෑත කාලයේදී පක්ෂ නායකත්වය විසින් එහි ප්‍රගමනයට හේතුවන කිසිදු දේශපාලන තීන්දුවක් අත්‍යවශ්‍ය අවස්ථාවලදී නොගත් බවයි.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දු අත්තනෝමතික ලෙස වෙනස් කිරීමත්, ස්ථීරසාර සහ ස්ථාවර ප්‍රතිපත්ති මත පිහිටා පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාවේ නොයෙදීමත් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාධරයෙකු ලෙස තමාට තවදුරටත් තනතුරු දැරීමට නොහැකි බවත් ඔහු සිය ලිපියෙන් දක්වා තිබේ.

දේශපාලන ව්‍යාපාරයට කාලය මිඩංගු කරනවාට වඩා නීතිඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීය කටයුතුවලට කාලය කැප කිරීම ඵලදායි බව වැටහී ඇති බව ෆයිසර් මුස්තාෆා පවසා ඇත.