32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsLPL තරඟාවලිය තියනවා නම් ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ඕන

LPL තරඟාවලිය තියනවා නම් ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ඕන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ඉදිරියේදී පවත්වන්නේ නම් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

එමෙන්ම මෙතෙක් පැවති තරඟාවලි ක්‍රීඩා අමාත්‍යාංශය පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය අනුරාධපුර දිස්ත්‍රික්කයට හඳුන්වාදීමේ වැඩසටහනකට එක්වෙමින්.

පසුගියදා අවසන් වූ එල්.පී.එල්. තරගාවලිය ආයෝජකයකු මෙහෙයවීම නිසා එම තරගාවලිය කඩාකප්පල් නොකළ බවත් මීළඟ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට පෙර අනිවාර්යෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා.