27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ආයතනවල වියදම් කපාහැරීම 6% දක්වා ඉහළට

රජයේ ආයතනවල වියදම් කපාහැරීම 6% දක්වා ඉහළට

2023 අයවැයට අදාළව රාජ්‍ය ආයතනවල වියදම් කපා හැරීම 6%ක් දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර පසුගිය 09 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුනේ මෙම වියදම් 5%කින් කපා දැමීමටයි.

කෙසේ වෙතත් ඊයේ (16) රැස්වූ කැබිනට් මණ්ඩලය එය 6%ක් දක්වා තවත් 1% කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ.