― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsසනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කෙරේ

සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දන්වා තිබේ.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් ඉදිරිපත් කළ පැමිණිලි අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද අධිකරණයේ පෙනී සිටි අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ අදාළ චෝදනා පත්‍රය සකස් කොට මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

ඊට අදාළ සාක්ෂි ලැයිස්තුව හා වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදෙන ලෙසත් මෙම පැමිණිල්ල නැවත පෙබරවාරි මස 23 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය මියෝග කළේය.