27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පිරවුම්හල් කීපයක බලපත්‍ර අවලංගු කෙරේ

ඉන්ධන පිරවුම්හල් කීපයක බලපත්‍ර අවලංගු කෙරේ

QR කෝටා ක්‍රමය නොසලකා හරිමින් ඉන්ධන නිකුත් කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර වහාම අවලංගු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමඟ ඊයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

බොහෝ පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීමේදී ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය (QR) අනුගමනය නොකරන බව එහිදී නිලධාරියෙක් පෙන්වා දුන්නේය. ඉන්පසු කෝටා ක්‍රමය අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් අත්හිටුවීමටයි එහිදී තීරණය කර ඇත්තේ.

මේ අතර විදුලිබල මණ්ඩලයට අයවිය යුතු රුපියල් බිලියන 105 ක මුදලක් අයකර ගැනීම, අඛණ්ඩ ඉන්ධන සැපයීමේ සැලසුම් සහ පිරිපහදු මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.