28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑජාපෙට ජනාධිපති හිටියට ඡන්දෙට දාන්න අපේක්ෂකයෙක් හොයාගන්න නෑ

එජාපෙට ජනාධිපති හිටියට ඡන්දෙට දාන්න අපේක්ෂකයෙක් හොයාගන්න නෑ

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් සිටියත් ප්‍රාදේශීය සභාවක සභිකයෙක් පත් කරගන්නට ගමේ අපේක්ෂකයෙක් සොයාගන්නට නොහැකි වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වුණත් අපේක්ෂකයෙක් නැතැයි ද ඒ නිසා දෙගොල්ලොම එකට එකතුවෙලා ඡන්දෙ කල් දාන්න උත්සාහ කරනවා යැයිද නලින් බණ්ඩාර මහතා කීය.

මේක විකෘතියක් බවද අද එක්සත් ජාතික පක්ෂය වගේම පොහොට්ටුවත් මේ අර්බුදයට මුහුණු දෙන්න සිදුවී ඇතැයි නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.