27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රීඩා ඇමති පත්කල කමිටුවට සාක්ෂි නොදුන් ක්‍රිකට් ලොක්කෝ 12 කට වැඩ වරදින...

ක්‍රීඩා ඇමති පත්කල කමිටුවට සාක්ෂි නොදුන් ක්‍රිකට් ලොක්කෝ 12 කට වැඩ වරදින ලකුණු ?

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනීගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව වෙත සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබියදී එය ප්‍රතික්ෂෙප කරමින් මග හැර සිටි ක්‍රිකට් ආයතන නිලධාරීන්ට විරුද්ධව ක්‍රීඩා පනතේ ක්‍රීඩා ඇමතිවරයාට ඇති බලතල යටතේ කටයුතු කළහොත් ඉදිරියේ ක්‍රීඩා තහනමක් පැනවිය හැකි බව පැවසේ.

ජයන්ත ධර්මදාස, රවින් වික්‍රමරත්න, නලින් අපෝන්සු, තිලක් වාත්තුහේවා, ක්‍රිෂාන්ත කපුවත්ත, ජානක පතිරණ, සුජීව ගොඩලියැද්ද,නිශාන්ත ද සිල්වා, බන්දුල දිසානායක, මහේෂ් බෝපෙගමගේ, සමන්ත දොඩම්වල, ප්‍රියන්ත අල්ගම මෙලෙස සාක්ෂිදීමට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති නිලධාරින් වේ.

කෙසේ වෙතත් සභාපති ධම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු 17 දෙනකු සාක්ෂි ලබා දී තිබේ.

මෙසේ කමිටුව හමුවේ සාක්ෂි ලබා දීම මග හැර සිටි මහේස් බෝපෙගමගේ හැර අනික් සියලු දෙනා විස්සයි විස්ස ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර සමග දින දහයකට ඩොලර් 7000 ක දීමනාවක් ලබමින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබුණු බවත් එලෙස ගිය සමහරු ක්‍රීඩාංගණ වලට හෝ නොගොස් නෑ හිත මිතුරන්ගේ නිවෙස්වල සාද පවත්වමින් කාලය ගත කර ඇතැයි ද කමිටුව මඟින් අනාවරණය වී තිබෙනවා.