31.7 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකැබිනට් මාරුව අද සෙනසුරු මාරුවෙන් පසු

කැබිනට් මාරුව අද සෙනසුරු මාරුවෙන් පසු

කල් දමමින් තිබූ කැබිනට් මාරුව අද (17) සවස යෙදී තිබෙන සෙනසුරු මාරුවෙන් පසුව සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතය.

පසුගිය කාලයපුරාම කැබිනට් මාරුව සිදුකරන බව දැනුම් දුන්නද එය සිදු කෙරුණේ නැත. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ලැබුණු වාර්තාවක බොහෝ අමාත්‍යාංශ හා අමාත්‍යවරුන් කාර්‍යසාධනය අතින් පහළ මට්ටමක සිටින බවට දැනුවත් කර ඇත.

ක්‍රීඩා, මහාමාර්ග, පරිසර, වනජීවී, විදුලිබල, සෞඛ්‍ය, වරාය, වනජීවී, කර්මාන්ත, ප්‍රවාහන ඇතුළු අමාත්‍යාංශ වෙනස්වීමට නියමිත අතර දැනට කැබිනට්ටුවේ සිටින අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඉවත් කිරීමටද අවධානය යොමු කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාට අමාත්‍යාංශ පිළිබඳව ලැබුණු වාර්තාවේ කාර්‍යෂමව වැඩ කරන අමාත්‍යාංශ අතරට පොලිස් අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශ නම්කර ඇත.