30 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනාමල්ට ලයිව් එකේ නිවන් සුව පැතූ අයට සැර කතාවක්

නාමල්ට ලයිව් එකේ නිවන් සුව පැතූ අයට සැර කතාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (16) රාත්‍රියේ සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සජීවී වීඩියෝවක් සඳහා සම්බන්ධ වුණා.

ජනතා ගැටළු පිළිබඳව විමසීමට සහ ජනතා අදහස් අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා මෙම සජීවී වීඩියෝව සඳහා එක් වූ අතර ඔහුට එහිදී හිමි වූ ප්‍රතිචාරය එතරම් සතුටුදායක නැහැ.

එම සජීවී වීඩියෝව සමඟින් සම්බන්ධ වූ බොහෝ පිරිසක් ‘ඔබට නිවන් සුව’ යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇති ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් එම සජීවී වීඩියෝව අවසන්ව මන්ත්‍රීවරයා එම සියලු ප්‍රතිචාරයන්ට පෙරලා ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ ‘නිවන්සුව පැතූ ඔබ සැමට මම දීර්ඝායූ පතමි’ යනුවෙන්.