29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම හෙට (18) ආරම්භ වෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම හෙට (18) ආරම්භ වෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම හෙට (18) ආරම්භ වීමට නියමිතයි.

එළැඹෙන 21 වැනි දා මධ්‍යාහ්න 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන අතර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද දිනයේත් සිදු කෙරෙනවා.

2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පළාත් පාලන ආයතන 341න් 340 ක් සඳහා නාම යෝජනා කැඳවීම හෙට සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම මීට දෙසතියකට පෙර නිවේදනය කළා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ලැබුණු පසු ආරම්භ කෙරුණු ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු මේ දින වලදී සිදු කෙරෙන්නේ ඒ අනුව යි.

දිස්ත්‍රික්ක 18කට අදාළ පළාත් පාලන ආයතන 153 ක් සඳහා දේශපාලන පක්ෂි හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කාර්යාල වල දී ඇප මුදල් තැන්පත් කර ඇති බව යි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ.