31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපාස්කු වන්දිය ගෙවන්න ලෝකේ රටවලින් උදවු ගන්නවා

පාස්කු වන්දිය ගෙවන්න ලෝකේ රටවලින් උදවු ගන්නවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට කෝටි 10ක වන්දි ගෙවීමට නියම වුණේ තමා කළ වරදක් නිසා නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ යම් ජනාධිපතිවරයකු පත් කළ නිලධාරියකු අතින් වරදක් සිදු වුවහොත් එහි වගකීම ඒ ජනාධිපතිවරයාටද ඇති බව සඳහන් වන නිසා තමාට ඒ දඩ මුදල නියම වූ බවයි.

මෙපමණ විශාල වන්දි මුදලක් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් තමා සන්තකයේ නැති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ රටපුරා ලෝකය පුරා හිතවතුන්ගෙන් මෙන්ම පුළුපුළුවන් අයගෙන් ඒ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.