27 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෑලියගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා ජීවිතක්ෂයට

පෑලියගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා ජීවිතක්ෂයට

පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේ අද (17) උදෑසන නිවසක් තුළදී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (17) උදෑසන වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඝාතන සිද්ධි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් වන අතර ඔහු බන්ධනාගාර ගතව සිට මීට සති දෙකකට පමණ පෙර නිදහස් වී පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ.