29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබිල වැඩි කරන්න එකඟ නොවීම නිසා විදුලි බල මණ්ඩලයට ගැටලු රැසක්

බිල වැඩි කරන්න එකඟ නොවීම නිසා විදුලි බල මණ්ඩලයට ගැටලු රැසක්

විදුලිබිල වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලව ගත් තීරණය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් කිසිඳු එකඟතාවයක් ලබානොදීම නිසා විදුලිබල මණ්ඩලය ගැටලු රැසකට මුහුණ පා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී අඛණ්ඩව විදුලිය ලබාදීමට පමණක් රුපියල් කෝටි 500ක් අවශ්‍ය වන බවත්, ඒ ඇතුළු වියදම් සොයාගැනීම ගැටලුවක් වී ඇති බවත් ඇමතිවරයා පැවසීයැයි ද ගුණවර්ධන මහතා පැවසුවා.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.