― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalමම ගංජා වවනවා කියන පුවත පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට විශාල හානියක්

මම ගංජා වවනවා කියන පුවත පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට විශාල හානියක්

තමාගේ ඉඩමක කංසා වවන බවට ජාතික පුවත්පත්වල පළවූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේ දී සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඔහු මේ බව පැවසුවා.

එම ප්‍රවෘත්තිය තමාගේ කීර්ති නාමයටත් පාර්ලිමේන්තුවේ ගෞරවයටත් හානියක්වී ඇති හෙයින් සිය වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු පියවර ගන්නැයි ඉල්ලීමක් කරන බව ද නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කලා.