2023 අයවැයට අදාළව රාජ්‍ය ආයතනවල වියදම් කපා හැරීම 6%ක් දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මීට පෙර පසුගිය 09 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුනේ මෙම වියදම් 5%කින් කපා දැමීමටයි.
කෙසේ වෙතත් ඊයේ (16) රැස්වූ කැබිනට් මණ්ඩලය එය 6%ක් දක්වා තවත් 1% කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ.
