022.07.09 වන දින ඇති වූ කළහකාරී හා ප්රචණ්ඩකාරී සිදුවීම්වලදී කළහකාරී පිරිස් විසින් ජනාධිපති රනිල් වික්රමසිිංහ මැතිතුමාගේ පුද්ගලික නිවසට රාත්රී කාලයේ අයුතු ලෙස ඇතුළු වී දේපළවලට පහරදී, ගින්නෙන් හානි කර, දේපළ විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරගෙන යන බව දන්වා සිටියා.
අපරාධ වාර්තා කොට්ඨාසය ඉහත අපරාධයට සම්බන්ධ යැයි සැක කල හැකි අයවළුන්ගේ සිතුවම් කරන ලද ඡායාරූප 05ක් නිර්මාණය කර තිබෙන අතර එම ඡායාරූපවලට සමාන හැඩරුව සහිත පුද්ගලයින් සොයා ගැනීමට මහජන සහය පතන බව දැනුම් දී තිබෙනවා.
සිතුවම් කරන ලද ඡායාරූපවලට සමාන පුද්ගලයන් ගැන යම් තොරතුරක් වෙතොත් WhatsApp මඟින් හෝ ඇමතුම් මඟින් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකථන අංකය :- 071 – 8594913 011 – 2449358 011 – 2320141