26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින් 35,000කගේ සේවය ස්ථිර කරනවා

රාජ්‍ය සේවකයින් 35,000කගේ සේවය ස්ථිර කරනවා

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින බහුකාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව දැනට වඩා වැඩි දීමනාවක් ඔවුන්ට ලැබෙන බවත් NVQ සුදුසුකම් සපුරා තිබීම මත ඊට සමානව ස්ථිර කිරීම් සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සාමාන්‍ය පෙළ සුදුසුකම් නොමැති තරුණ තරුණියන් මීට වසර 02 කට පෙර මෙසේ බඳවා ගත් බවත් පසුව මෙම 35,000 පිරිසගේ ප්‍රශ්නය විසඳීමට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවක් පිහිටුවූ බවත් කී අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගෙන් දැනට සිටින අති මහත් බහුතරය සුදුසුකම් මත ස්ථිර කිරීමට දැනට ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළා.