28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට උදවු කරන්නේ යටි අරමුණකින් නෙවෙයි - චීන තානාපති

ලංකාවට උදවු කරන්නේ යටි අරමුණකින් නෙවෙයි – චීන තානාපති

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා උදවු වන්නේ කිසිදු යටි අරමුණකින් තොරව බව ශ්‍රී ලංකාවේ චීන වැඩබලන තානාපති හු වෙයි පැවසීය.

තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අකුරණ සහ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අඩු ආදායම්ලාභී පවුල් 1600ක් සඳහා වියළි සලාක බෙදා දීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

වසර 1600 ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම චීන රජයේ අපේක්ෂාවයි. පසුගිය වසරේ පමණක් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් දස දහසක්, ඩීසල් ඉන්ධන තොගයක්, ඖෂධ, පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ආදිය පරිත්‍යාග කොට තිබෙන බවත් ඉදිරියේදී තවත් එවැනි පරිත්‍යාග සිදු කිරීමට බලාපොරොත්තු වනවා.