27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශාරුක් ආසියාවේ ධනවත්ම නළුවා වෙයි

ශාරුක් ආසියාවේ ධනවත්ම නළුවා වෙයි

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නළුවා බවට පත්වී ඇතැයි ෆෝබ්ස් සඟරාවේ වාර්තාවකින් දැක්වේ

පසුගියදා ෆෝබ්ස් සඟරාව නිකුත් කරනු ලැබූ ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ නවතම ලැයිස්තුවට අනුව ඔහු සිව්වැනි තැනට පත් වී සිටී.

චරිතාංග නළුවකු, චිත්‍රපට නිෂ්පාදකයකු සහ ව්‍යාපාරිකයකු වන ෂාරුක්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 770ක් බව සඳහන් වන අතර ටොම් කෘස් සහ ජැකී චෑ වැනි හොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් සිටින්නේ ද ෂාරුක්ට වඩා පසුපසිනි.

ලොව ධනවත්ම නළුවන් දසදෙනාගේ ලැයිස්තුවට ඇතුළත් එකම ඉන්දීය නළුවා ද ෂාරුක්ය.

ඩොලර් මිලියන දහසක වත්කමක් සහිත අමෙරිකාවේ සුපිරි විකට නළු ජෙරී සයින්ෆෙල්ඩ් සහ ටයිලර් පෙරී එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර,ඩොලර් මිලියන අටසියයක වත්කමකට හිමිකම් කියන අමෙරිකානු සටන් නළු ඩ්වේන් ජොන්සන් තුන්වැනි තැනට පත්ව තිබෙනවා.