― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsඑළවළු වගා කරන නොරොච්චෝලේ පොලිස් මහත්තුරු

එළවළු වගා කරන නොරොච්චෝලේ පොලිස් මහත්තුරු

පුත්තලම – නොරොච්චෝලේ පොලිස් ස්ථානය තුළඑළවළු වගා කිරීමෙන් පොලිස් නිළධාරින්ගේ සුභ සාධනයට මහඟු පිටුවහලක් වී ඇති බව එම පොලිස් ස්ථානය පවසනවා.

දැනට මාස ගනණාවක සිට ඉතා ක්‍රමවත් ලෙස නිළධාරින් විවේකී සුවයෙන් සිටින අවස්ථාවලදී මෙම වගා කටයුතු සිදු කර ඇති අතර ඒ තුළින් ලැබෙන අස්වැන්න දෛයිනික භෝජනගාරයේ (මෙස්) ඉවුම් පිහියුම් කටයුතුවලට යොදා ගැනීම තුළින් ආර්ථික වශයෙන් විශාල සහනයක් සැලසී ඇති බවයි මේ කටයුත්තට නායකත්වය දෙන නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසන්නේ.

දිනපතා පොලිස් නිළධාරින් 50 වැඩි දෙනෙකුට පමණ භෝජනාගාරයේ අහාර පිසින අතර මෙම එළවළු භාවිතා කරන නිසා භෝජනාගාරයේ එක් දිනකට රුපියල් 80 /= 120/= ප්‍රමාණයක් වැය වයන බවත් නිවාඩු ලබා නිවෙස්වලට යන සෑම නිළධාරියකුටම එළළුව හා පළතුරු මල්ලක් ලබාදීමට හැකි සෑම මොහොතකම කටයුතු කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙය ඉතා අගය කළ යුතු ක්‍රියාවක් බවත් වර්තමානයේ අප සියලුදෙනාට ආර්ථික අපහසුතා ඇති බවත් මේ අකාරයෙන් පොලිස් නිළධාරින්ගේ සුභ සාධනය වෙනුවෙන් කටයතු කිරීම අගය කළ යුතු බවයි පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම වගාව නිරීක්ෂණය කරමින් සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙල නිසා තම තමන්ටද විශාල සහනයක් සැලසෙන බවයි නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ නිළධාරින් පවසන්නේ.