― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමැතිවරණය කල් දැම්මොත් බහිනවා පාරට - සජිත් ප්‍රේමදාස

මැතිවරණය කල් දැම්මොත් බහිනවා පාරට – සජිත් ප්‍රේමදාස

ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ජනතාව සමඟ පෙරට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (18) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

විපක්ෂයේ දැඩි විරෝධය නොතකා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය තීන්දු කිරීම මැතිවරණ ප්‍රමාද කිරීම සඳහා ගත් කූට උපක්‍රමයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙම අත්තනෝමතික තීන්දුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරට එන බවත්, ඊට නායකත්වය දෙන බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසීය.