27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ලංකාවට බස් රථ 500ක්

ඉන්දියාවෙන් ලංකාවට බස් රථ 500ක්

ප්‍රමුඛ පෙළේ ට්‍රක් සහ බස් රථ නිෂ්පාදකයෙකු වන අශෝක් ලේලන්ඩ් සමාගම විසින් ශ්‍රී ලංකාවට බස් රථ 500ක් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් (ශ්‍රී ලංගම) ඇණවුමක් ලබාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව ආසන 32 බස් රථ 500ක් සැපයීම සඳහා වන මෙම ඇණවුම ඉන්දියානු රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මීට අදාළ බස් රථ 75ක් ජනවාරි 5 වන දින ලබා දී ඇති බව අශෝක් ලේලන්ඩ් සමාගම සඳහන් කර තිබෙනවා.

“අශෝක් ලේලන්ඩ් බස් රථ 5000 කට වැඩි ප්‍රමාණයක් දැනට ලංගම සමඟ ක්‍රියාත්මක වන අතර ආසන 32 කින් යුත් මෙම නව බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් යැයි අශෝක් ලේලන්ඩ් හි ජාත්‍යන්තර මෙහෙයුම් සභාපති අමන්දීප් සිං ප්‍රකාශ කළා.

අශෝක් ලේලන්ඩ් බස් රථ සහ ට්‍රක් රථ ද ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන අතර ලංකා අශෝක් ලේලන්ඩ් සන්නාමය ‘ශ්‍රී ලාංකිකයන් අතර ඔවුන්ගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා ප්‍රසිද්ධ බවයි’ අශෝක් ලේලන්ඩ් හි ජාත්‍යන්තර මෙහෙයුම් සභාපති සඳහන් කර ඇත්තේ.