26.7 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ සමයේ විදුලි කප්පාදුවක් නැහැ

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුවක් නැහැ

දින 14ක කාලයක් විදුලි කප්පාදුව සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින 14 සඳහා රට පුරා අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කරන බවටි අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ.

උසස් පෙළ විභාගය ලියන සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ යහපත වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව දැනුම් දුන් බවයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.