31.1 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගලෙන්බිදුණුවැව ජනතාව දින ගණනාවක් තෙල් පෝළිමේ

ගලෙන්බිදුණුවැව ජනතාව දින ගණනාවක් තෙල් පෝළිමේ

ගලෙන්බිදුණුවැව නගරයේ හා ගලෙන්බිදුණුවැව 19 කණුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් දෙකෙහිම දින තුනක සිට පෙට්‍රල් නොමැතිකම හේතුවෙන් කිලෝමීටර් 2 කට වැඩි පොලිම් දක්නට ලැබුණු අතර ගලෙන්බිදුණුවැව නගරයේ ඉන්ධන පිරවුම්හල වෙත 16 වෙනිදා ඉන්ධන ලිටර් 13200 ප්‍රමාණයක් ලැබුණු අතර ජනතාව බයික් ත්‍රිවිල් රථ හා බූලි රැගෙන දිගු පෝලිම්වල සිටිනු දක්නට ලැබුනා.

ගලෙන්බිදුණුවැව 19 කණුව ඉන්ධන පිරවුම්හල වෙත තුන්වෙනි දිනටත් පෙට්‍රල් ලැබී තිබුනේ නැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජනතාව පවසා සිටියේ මේ වනවිට තම ⁣වී ඇතුළු සියලු බෝග වගාවන්වල අස්වනු ලබා ගත නොහැකිව කරකියා ගත නොහැකි තත්වයක සිටියදී මෙලෙස දිගු පෝලිම්වල රස්තියාදු වෙන්නට ගොවි ජනයාට කාලයක් නොමැති බවත් ⁣ඉදිරියේ පැමිණෙන සෑම මැතිවරණයකදිම ජනතාව අවශ්‍ය පියවර ගැනීමට පෙළ ගැසෙමින් සිටින බවත්ය.

දිගු පෝලිම්වල සිටින ජනතාව ඉල්ලා සිටින්නේ මේ වනවිටත් සැම අංශයකින්ම දැඩි සේ පීඩාවට පත්ව ඇති බැවින් පෝලිම්වලින් තොර යුගයක් අපේක්ෂා කරන බවයි.