― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාස්කු නඩුවෙන් ජනපති රනිල් ඉවත් කරනවාද නැත්ද යන නියෝගය මාර්තු 01 වැනිදා

පාස්කු නඩුවෙන් ජනපති රනිල් ඉවත් කරනවාද නැත්ද යන නියෝගය මාර්තු 01 වැනිදා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් ගොනුකර තිබෙන නඩු 108ක වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් ඉවත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන මාර්තු 01 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද නිවේදනය කළා.

මෙම නඩු සියල්ල අද කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට නීතිඥවරු විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන පාර්ශවකරුවන් විසින් අද ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඉන් අනතුරුව අදාළ නියෝගය මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව දිසා විනිසුරුවරිය නිවේදනය කළා.

මේ අතර අදාළ නඩුවල වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බව නීතිපතිවරයා ද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.