― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපුංචි ඡන්දෙදී රාජපක්ෂලාගේ බලය අඩුකළ යුතුයි - පාඨලී චම්පික

පුංචි ඡන්දෙදී රාජපක්ෂලාගේ බලය අඩුකළ යුතුයි – පාඨලී චම්පික

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී දුෂිත රාජපක්ෂවරුන්ගේ බලය සියයට 10 දක්වා අඩුකිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

පාඨලී චම්පික මහතා මේ බව පැවසුවේ 43 සේනාංකය මගින් කොළඹ දී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම මැතිවරණයෙන් පසු රටේ නව දේශපාලන පරිවර්තනයක් ඇතිකරන දේශපාලන ව්‍යාපාරයක් කරළියට ගෙන එන බව ද හෙතෙම කීවේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පස්, කළුගල්, වැලි මත බලය රඳවාගෙන සිටින දුෂිත ව්‍යාපාර කල්ලිය පලවාහැරීම මෙන්ම පළාත් පාලන ආයතන යනු මධ්‍යම රජය මත යැපෙන ආයතන නොව ස්වයං ශක්තියෙන් නැගීසිටින ආයතන බවත් පත්කිරීමත් අරමුණු කරගත යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවලට තවදුරටත් අයවැයේ මුදල් ලබාදීමේ හැකියාවක් නැති නිසා, තමන්ගේම ආදායම් වලින් ජනතාවට සේවය කරන තැනක් බවට පරිවර්තනය විය යුතු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.