27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 17 කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.

පනතට පක්ෂව ඡන්ද 23ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 6ක්.

ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටි සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් මෙලෙස පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහවූ පුද්ගලයන් පුනරුත්ථාපනය විධිමත් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම පනතේ අරමුණයි.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.