‘රාජකීය දෛවඥයා’ යන සුවිශේෂ නාමයෙන් ඔබ අප කවුරුත් දන්නා සුමනදාස අබේගුණවර්ධන රටේ මීළඟ ජනාධිපතිවරයා හැන තවත් අනාවැකියක් පවසා තිබෙනවා.
හෙතෙම මේ බව පවසා ඇත්තේ ඊයේ (17) TNL යූටියුබ් නාලිකාව සමග පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
“ජනවාරි මාසේ 22 වැනි ඉරිදා උදේ 6.22ට ධනු ලග්නයෙන් සිංහ නවාංශකයෙන් නව වසර උදාවෙන්නේ. ඒ උදාවෙන නැකැත තමයි නැකැත් පන්තියේ පළමු නැකත වන අස්විද නැකැත. නැකැත් පාදය තුන්වැනි පාදය. ධනු ලග්නයේ ලග්නයේම රවි බුධ ග්රහයෙන් ඉන්නවා. ධනු ලග්නයට රවි බුධ එකතු වුණයි කියන්නේ ධර්ම කර්මාධිපති රාජ යෝගය. ඒක තියෙනවා. එතකොට ධනු ලග්නෙ ලග්නාධිපති බ්‍රහස්පති හතරවැන්නේ මීන රාශියේ ගුරුවංශ කියන පංචමහා පුරුෂ යෝග බලයෙනුත් ඉන්නවා. ඒ වගේම අඟහරු ග්‍රහයා වෘෂභ රාශියේ ගතකරන අතරතුර මේෂ රාශියේ චන්ද්‍රයා සහ රාහු ග්රහයත් ඉන්නවා. මේ අතරතුර ධනු ලග්නෙන් දෙවැන්නේ ඒරාෂ්ටකයේ සෙනසුරු ග්‍රහයා ගමන් කරනවා. ලග්න ඒරාෂ්ටකය පවතිනවා. ඉතින් ඒරාෂ්ටකය කියනකොට විෂ්ණු දෙවියන්ටත් බටකොල කවපු කතාවක්නේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ ජනතාව කියනවා අපායෙ යතුරත් දෙව්ලොව යතුරත් තියෙන්නේ සෙනසුරු ගාව කියලා. සෙනසුරු ලග්න ඒරාෂ්ටකයෙන් ඉන්න හින්දා අපට මේ ආර්ථික අහේනියෙන් සම්පූර්ණයෙන් ගොඩ එන්න බෑ. එහෙම එන්න පුළුවන් කිව්වොත් ඒක බොරුවක්. මේ ඒරාෂ්ටක අපලය හින්දා අපට බාධක ගොඩක් එනවා. නමුත් අපට මේ ඉන්න තත්ත්වයෙන් පහළට වැටෙන්නේ නැතුව අවුරුද්ද පුරාම අල්ලගෙන ඉන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. පහුගිය කාලෙ අපට තෙල් හිඟ වුණා, ගෑස් හිඟ වුණා. අපට හැම දේම හිඟ වුණා. අපට මේ වෙද්දී ඒවා එච්චරම හිඟයක් නෑ.
ජනවාරි 17 වැනි අඟහරුවාදා පස්වරු 6.03ට සෙනසුරු කුම්භ රාශියට සම්ප්‍රාප්ත වෙනවා. සෙනසුරු මෙතැනට යන්න කලින් පහුගිය අප්‍රේල් මාසේ 29 වැනිදා, සිංහල අවුරුද්දට ගනුදෙනු කරලා, ආහාර අනුභව කරලා දවස් 15ක් විතර ගියාට පස්සේ අප්‍රේල් 29 වැනිදා උදේ 7.52ට සෙනසුරු ගියා කම්භයට. ජුලි මාසේ 12 වැනිදා වෙනකල් දවස් 73ක් හිටියා. ඔය දවස් 73ට කරපු වැඩ ටික දැක්කොත් මම හිතනවා ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රි.පූ. 543න් ආරම්භ වෙච්ච අපේ ඉතිහාස කතාවේ ඒ වගේ භයානක දේවල් ටිකක් සිදුවෙලා නෑ කියලා.
අප්‍රේල් මාසේ 29 වැනිදා සෙනසුරු ඇවිල්ලා ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ගෙදර පිටත් කළා. 1993 මාර්තු 05 වැනිදා ඇවිල්ලා හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයා ඝාතනය වුණා. මේ සෙනසුරු කුම්භ රාශියට පැමිණි හැම මොහොතෙම දේශපාලනඥයන්ට තමයි පීඩාව එන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනෙ. ඒගොල්ලෝ දෙවැනි සිල් පදය ආරක්ෂා කරමින්, පන්සිල් පදවලට ගරු කරමින් ඒ අනුව කටයුතු කරන්න ඕනෙ කියන එක තමයි මට පෙනී යන්නේ.
අලුත්ම කෙනෙක් නෙවෙයි, දේශපාලන ක්ෂේත්රයේ දැනට ඉන්න කෙනෙක්. අවුරුදු 55ක් වගේ වයස කෙනෙක්. මම දේශපාලනය ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. මොකද දේශපාලනඥයෝ ගැන කතා කරන්න ගිහින් මම තරම් දුක් පීඩා වින්ද කෙනෙක් ලෝකෙම නෑ. නමුත් අපි ඒවා ඉවසගෙන හිටියා. හිටපු නායකයන්ගෙ වැරැද්දෙන් තමයි එහෙම වුණේ. මගේ අතින් වැරැද්දක් නොවී තමයි මම ඒ නින්දා අපහාස වින්දේ. ලෝකෙ කිසිම රටක ජ්‍යොතිෂවේදියකුට කාටූන් ඇඳලා නෑ. මට කාටූන් 300ක් විතර වැදුණා. නමුත් මම ඒකට හරි සතුටුයි. අන්තිමට කාටූන් එකක් නැති දවසට මට කන්නත් බෑ, නින්ද යන්නෙත් නෑ. සමහර කාටූන්වල තියෙනවා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා මගේ කකුල් දෙක පිරිමදිනවා. කෝටි ගානක් දුන්නත් ඕක කරගන්න බෑනේ. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයට වැඩ භාරගන්න නැකැත හැදුවෙත් මම.
මේ දවස්වල ඉස්කෝලවලට බස් එහෙම බෙදන මහත්තයෙක් ඉන්නේ. ඒ මහත්තයා කියලා කිව්වොත් නිවැරැදියි. ඒ මහත්තයගේ කේන්දරේ තරම් බලගතු කේන්දරයක් මම දැකලා නෑ. ඩී.එස්. සේනානායක මහත්තයා උපන්නේ 1884 ඔක්තෝබර් 20 වැනිදා. එතුමාත් මිථුන ලග්නයේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 1949 මාර්තු 29 වැනිදා වගේ මට මතක. එතුමා දක්වාම කිසිම රාජ්‍ය නායකයෙක්ගේ ගජකේෂරී කියන යෝගය නෑ. මොකක්ද ගජකේෂරී කියන්නේ? චන්ද්‍රයා ඉන්න තැනින් හත්වැන්නේ බ්‍රහස්පති උච්චව සිටීමෙන් තමයි මේ ගජකේෂරී කියන යෝගය ආරම්භ වෙන්නේ. ඒක තමයි කතාව.”