― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වූ අපේක්ෂිකාවක් ඝාතනය කෙරේ

මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වූ අපේක්ෂිකාවක් ඝාතනය කෙරේ

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර සිටින මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් ඊයේ (17) රාත්‍රී නිවස තුළ පහරදී ඝාතනය කර එම නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

66 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාවගේ හිසට මොට ආයුධයකින් පහරදී නිවසේ ඇඳක් මත මෙලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන තිබෙනවා.

නිවසේ තනිව ජීවත් වන ඇය ඇඳුම් මැසීමේ ස්වයං රැකියාවක නිරතව සිට තිබෙනවා.

ඇය මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරග කිරීම සඳහා එක්තරා පක්ෂයක් යටතේ ඇප මුදල් තැන්පත් කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් නිවසේ තිබූ රෙදිවලට ගිනි තැබීම හේතුවෙන් නිවසේ බඩු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ඝාතනයට හේතුව අද (18) දහවල් වන තෙක් අනාවරණය වී තිබුණේ නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව නියෝග කෙරුණේ මළ සිරුර ගම්පහ රෝහලට යොමු කරන ලෙසටයි.

එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම මරණයට හේතුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩිදුරටත් නියම කර තිබෙනවා.

එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ළඟම ඥාතීන්ට බාර දෙන ලෙසට රෝහල් බලධාරීන්ට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.