30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 10ක අල්ලස් ගත් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ලක්ෂ 10ක අල්ලස් ගත් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

යාපනයේදී රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) සවස යාපනය ඉරණමඩු ප්‍රදේශයේ කංකානි හන්දියේදීයි අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීමේ සිද්ධියකට සහාය වීම සඳහා සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ඇති අතර මෙම පොලිස් නිලධාරියා අදාළ මුදල් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.