විනාශයට ගමන් කළ රටේ ආර්ථිකය පාලනය කර ඇති බවත් ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතියද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් නොමැති බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය නාළිකා සියල්ල ඒකාබද්ධව විකාශය කළ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.
එහිදී මාධ්‍යවේදියෙක් අසා සිටියේ “මේ ආර්ථිකය නම් වූ වාහනය අද කොතැනද තියෙන්නේ කියන එක තමයි ඔබතුමාගෙන් අහන්න ඕනේ?” යනුවෙනි.
“ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය මේ ආර්ථික අර්බුදයක් අවස්ථාවේදී. එතැනදී ඇත්ත වශයෙන්ම අපි හැමෝම අදහස් කළේ අපේ හැමෝම දන්නා විදිහට ඒ ගමන්කරමින් තිබූ ඒ ආර්ථිකය ඇත්ත වශයෙන්ම අර කිව්වා වගේ කඩාගෙන ගිහින් කුඩු පටට්ම් වෙන යන මාර්ගයක තමයි යොමුවෙලා තිබුණේ. ඒක තමයි තිබුණ ලොකුම අවදානම ඒ වෙලාවේ. එතකොටත් අපි දැක්කා අර්ථිකය මේ වසර තුළ එහෙම දිගට ගියානම් මේක විශාල ලොකුම ආර්ථික අර්බුදයකට… අර වාහනය කුඩු පට්ටම් වුණා වගේ ක්‍රැෂ් ලෑන්ඩින් කියන තත්ත්වට පත්වෙන්න ගියේ. ඒ අවස්ථාවේදී අපේ උත්සාහය තිබුණේ කොහොම හැරි ඒ වගේ විශාල අවදානමකට යන්නේ නැතුව යම්කිසි ආකාරයෙන් සමනය කරගෙන. ඒ කියන්නේ අර ස්මූත් ලෑන්ඩින් එකකට ගෙනියන්නට තමයි වගකීම තියෙන්නේ. එතකොට ඔබතුමා කියපුවා හරියටම හරි ඒ කියන්නේ තවමත් මේක පහළට ගමන් කරන්න තිබුණා. අපේ ආර්ථිකය යම්කිසි ආකාරයකට පහළට ගමන් කරලා ස්ථාවර කරලා තියෙන්නේ දැන්. ඒක නිසා තමයි තවමත් හැමෝටම දැනෙන්නේ ආර්ථික අර්බුදයේ අමාරුකම.
තරගකාරී විවෘත ආර්ථිකයක් තුළින් තමයි ලෝකය ජයගත හැකිවෙන්නේ. අපි මේ කුඩා අර්ථිකයක්. රට ඇතුළේ විතරක් වෙළෙඳාම් කරලා, රට ඇතුළේ විතරක් උපයලා මේ රට ගොඩ ගන්න බැහැ. රට තරගකාරී වෙන්නට ඕනේ ටෙලිකොම් සර්විස් එක වගේ. රටේ තියෙන භාණ්ඩ හා සේවාවන්වල මිල ජාත්‍යන්නතරව තරග කළොත් විතරයි අපේ රටට ජාත්‍යන්තර වෙළෙඳාමේ කොටසක් ගන්න පුළුවන්. ඒකට රට විවෘත කරන්න ඕනේ.“
ප්‍රශ්නය – මේ වගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහිල්ලා තිබීම අපේ රට ඇතුළේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කරන්න අපේ සන්නාමයන්ට නිෂ්පාදනවලට තිබෙන අවස්ථාව මඟ හරවයිද? එය මොන වගේ බලපෑමක්ද?
“නිෂ්පාදන පිරිවැය වැඩිවෙන හේතුව මොකක්ද? ඒකට පළවෙනි හේතුව තමයි උද්ධමනය වැඩිවීම. නිෂ්පාදන පිරිවැය වැඩිවෙන්නේ රටක උද්ධමනය වැඩිවීම නිසායි. එතකොට මේ රටේ 70%කට පමණ උද්ධමනය ගියාට පස්සේ වැටුප්, ව්‍යාපාර, සංචාරක, ප්‍රවාහනය වැනි සියලුම මිල වැඩියි. බේකරියක් කරගෙන ගියත් පිටි මිල වැඩියි. වැදගත්ම දේ රටේ ආර්ථිකය මෙහෙය වන විට, උද්ධමනය පාලනය කිරීම. රට තරගකාරී තත්ත්වයට පවත්වාගන්නට නම් ඇයි ඒ රටවල වියදම අඩු ? සමහර රටවල උද්ධමනය 5%යි නම් අපේ 70%යි. එහෙනම් අපේ නිෂ්පාදන වියදම වැඩියි.
වැදගත්ම කාරණය මහ බැංකුවේ වගකීම.. බංකොළොත් වුණ ආර්ථිකයක් අපි ගන්නකොට උද්ධමනය 100%කට එහා යන්න ගියා… සිම්බාබ්වේ වගේ යන්න ගිය උද්ධමනයක් ඕනවාට වැඩිය මුදල් අච්චු ගහලා මේ අපි පාලනය කරගත්තේ. දැන් 70% 57% ඇවිත් තියෙනවා. එතකොට එහෙම කළේ නැතිනම් මේ ආර්ථිකය කොහෙමත් ගොඩගන්න බැහැ. ඒ නිසා තමයි මේ පොලී අනුපාතය වැඩිකිරීමක් කරන්න සිදුවුණේ. ප්‍රධාන කාරණය මේ උද්ධමනය අඩුකිරීම තමයි පළවෙනිම දේ. ඒක තුළින් නැතුව රටේ ජාත්‍යන්තර තරගකාරීත්ව රැකගන්න බැහැ.“