27.2 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළි වෙයි

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළි වෙයි

ඊයේ (17) කොළඹ තුරඟ තරග පිටියේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමට හේතුව අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනා අතර ඇති ප්‍රේම සබඳතාව නැවැත්වීම සඳහා ඊයේ (17) දිනය යොදාගෙන ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා කොළඹ තුරග තරග පිටියට පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පෙම්වතිය වෙනත් කෙනෙකුගේ වෙනවා දැකීමට ඇති අකැමැත්ත නිසා මෙම ඝාතනය සිදු කළ බව සිසුවා ප්‍රකාශ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේනමුත් ඊයේ (17) සවස සැකකාර සිසුවා වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය විසින් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය, ලේ තැවරුණු ටී ෂර්ටය සහ බෑගයක් සොයාගෙන තිබේ.

රාත්‍රී කාලයේදී කැළණි ගඟට පැන සියදිවි හානිකරගැනීමේ අරමුණින් අදාළ තරුණය සිය ගෙවත්තේ සැඟව සිටි බවයි පොලීසිය සඳහන් කළේ.