27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසරසවි සිසුවියගේ පෙම්වතා සියල්ල පාපොච්චාරණය කරයි

සරසවි සිසුවියගේ පෙම්වතා සියල්ල පාපොච්චාරණය කරයි

ඊයේ (17) කොළඹ තුරඟ තරඟ පිටියේදී අමානුෂික ලෙස සරසවි සිසුවිය ඝාතනය කළ ඇගේ පෙම්වතා ඊට හේතුව පොලීසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.

එහිදී පෙම්වතා පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමන් ප්‍රකාශ කළ දේවල් ඇය පිලිගැනීමට අකමැති වූ බවත් පෙම්වතිය වෙනත් කෙනෙකුට අයිති වේ යැයි බියෙන් ඇය ඝාතනය කළ බවයි.

ඇයගේ ජීවිතය නැති කරනවා හැර ඔහුට වෙන විකල්පයක් නොතිබූ බවයි තරුණයා පවසා ඇත්තේ.

මෙම තරුණයා ඊයේ (17) දහවල් 12.30ට පමණ එම පිහියක් බෑගයේ දමාගෙන තුරග තරග පිටියට ගොස් ඇත්තේ සිය පෙම්වතිය හමුවීම සඳහායි.
මෙම හමුවේදී තරුණයා විසින් තරුණියට මෙම සම්බන්ධය ඉදිරියට පවත්වාගෙන යා යුතු ආකාර පවසා ඇති අතර ඊට සාවධානව ඇහුම්කන් දුන් තරුණිය සදහන් කර ඇත්තේ තවදුරටත් මෙසේ ඇසුරු කළ නොහැකි බවයි.

එම අවස්ථාවේ කලබලයට පත්වූ තතා පෙම්වතිය ඝාතනය සිදු කළ බවයි තරුණයා වැඩිදුරටත් පොලීසියට පවසා ඇත්තේ.