27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරසවි සිසුවිය ඝාතනයේ පෙම්වතා රිමාන්ඩ්

සරසවි සිසුවිය ඝාතනයේ පෙම්වතා රිමාන්ඩ්

කොළඹ තුරඟ තරඟ පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම ශිෂ්‍යාවගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කළා.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද එම සැකකාර තරුණයා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළා.

කුරුදුවත්ත පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.